ධර්ම සංගායනා
කෙටි සටහන් - ධර්ම සංගායනා
ප්‍රථම ධර්ම සංගායනාව
- සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව
- හේතුව -සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය
- මූලිකත්වය - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
- දායකත්වය -අජාසත් රජ
- ස්ථානය- රජගහ නුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහා ද්වාරය අභියස
- ගත වූ කාලය - මාස 07
- සහභාගී වූ ප්‍රමාණය - 500ක් රහතන් වහන්සේලා
- සංගායනාවේ නම - පංචසතිකා සංගීතිය
- ප්‍රතිඵල - විසිරී තිබූ ධර්ම විනය රැස් කර සම්මුතියකට පැමිණීම, ධර්ම විනය භාණක පරපුරට පැවරීම, නව විනය නීති නොපැනවීමත් පැන වූ විනය නීති ආරක්ෂා කිරීම.
දෙවන ධර්ම සංගායනාව
- සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසුව
- හේතුව -වජ්ජිපුත්ත භික්ෂූන්ගේ දස අකැප වස්තුව
- මූලිකත්වය - සබ්බකාමී මහ රහතන් වහන්සේ
- දායකත්වය -කාලාශෝක රජ
- ස්ථානය- විශාලා මහනුවර වාලුකාරාමය
- ගත වූ කාලය - මාස 08
- සහභාගී වූ ප්‍රමාණය - 700ක් රහතන් වහන්සේලා
- සංගායනාවේ නම - සත්තසතිකා සංගීතිය
- ප්‍රතිඵල - විනය විරෝධී කටයුතු කළ භික්ෂූන්ට නිග්‍රහ කිරීම, අකැප දස වස්තුව ප්‍රතික්ෂේප කිරීම,පළමු සංගීතියේ පරිදි ශික්ෂා පද ලිහිල් නොකර පවත්වාගෙන යාම,අටළොස් නිකාය බිහි වීම
තෙවන ධර්ම සංගායනාව
- සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව
- හේතුව -ලාභ අපේක්ෂාවෙන් දුසිල් මහණුන් සසුන්ගත වීම
- මූලිකත්වය - මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ
- දායකත්වය -ධර්මාශෝක රජ
- ස්ථානය- පැළලුප් නුවර අශෝකාරාමය
- ගත වූ කාලය - මාස 09
- සහභාගී වූ ප්‍රමාණය - 1000ක් රහතන් වහන්සේලා
- සංගායනාවේ නම - සාහස්සිකා සංගීතිය
- ප්‍රතිඵල - දුසිල් මහණුන් 60,000ක් සුදු වත් හඳවා සසුනෙන් නෙරපීම, ශාසනික පිළිවෙත් නැවත ආරම්භ කිරීම, කතාවත්ථුප්පකරණය ඇතුළත් කර අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම, ත්‍රිපිටකයම අංග සම්පූර්ණ වීම, දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය
සිව්වැනි ධර්ම සංගායනාව
- කාලය - ක්‍රි.පූ පළමුවැනි සියවසේ
- හේතුව -ත්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා හා ධර්මය විනාශ වීමේ අවදානම
- දායකත්වය -ප්‍රාදේශීය නායකයකු
- ස්ථානය- මාතලේ අළු විහාරය
- සහභාගී වූ ප්‍රමාණය - 500ක් රහතන් වහන්සේලා
- සංගායනාවේ නම - පුස්ථකාරූඪ සංගීතිය
- ප්‍රතිඵල - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
No comments:
Post a Comment