බුද්ධ ධර්මය - 10 ශ්‍රේණිය ආදර්ශ ප්‍රශ්න පත්‍රය
බහුවරණ
01. බුදු රජාණන් වහන්සේ විසින් රෝග වැළදීමට හේතු 08ක්
දේශනා කළේ කිනම් භික්ෂූන් වහන්සේ උදෙසා ද?
1. ගිරිමානන්ද හිමි
2. මහා කාශ්‍යප හිමි
3. ආනන්ද හිමි
4. මහා මුගලන් හිමි
02. “සත්හට වන බව දුකට වෙදාණන්”යන ලෝවැඩ සඟරා කවි පදයට
අනුව බුදුරජාණන් වහන්සේ;
1. සත්වයන්ගේ කායික ලෙඩ දුක් වලට උතුම් වෛද්‍යවරයකු වන
සේක.
2. සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයකු වන සේක.
3. උසස් ශල්‍ය වෛද්‍යවරයකු වන සේක.
4. සත්වයාට වන ඕනෑම ලෙඩ දුක්වලට ප්‍රතිකාර කළ උතුම් වෛද්‍යවරයකු
වන සේක.
03. සැරියුත් මහරහතන් වහන්සේ බුදු සසුනේ පැවිදි වීමට පෙර
පැවිදිව සිටියේ;
1. උපතිස්ස පිරිවැජියා සමීපයේ
2. උපකා ආජීවකයා සමීපයේ
3. කෝලිත පිරිවැජියා සමීපයේ
4. සංජය පිරිවැජියා සමීපයේ
04. බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරණය කළ බව හෙළිවන
ජාතකය වන්නේ;
1. සස ජාතකය
2. සිවි ජාතකය
3. වෙස්සන්තර ජාතකය
4. මඛාදේව ජාතකය
05. තමා විසින් පිළිපැද ඇස්පනාපිටම මෙලොවදීම ප්‍රතිඵල
දැකගත හැකි බැවින් ධර්මය ;
1. ඕපනයික වේ
2. සන්දිට්ඨික වේ
3. අකාලිකයි වේ
4. ඒහිපස්සික වේ
06. ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇතිකර ගන්නා පැහැදීම
1. අමූලිකා ශ්‍රද්ධාව වේ
2. අවෙච්චප්පසාද වේ
3. තුන්තරා බෝධිය නම් වේ
4. භක්තිය නම් වේ.
07. තෙරුවන් ගුණ කොපමණ ද?
1. නවයකි
2. දහයකි
3. විස්සකි
4. විසි හතරකි
08. ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ
කුමක් ද?
1. සම්මා වායාම
2. සම්මා වාචා
3. සම්මා කම්මන්ත
4. සම්මා ආජීව
09. සත්වයන්ගේ විශ්‍රුද්ධිය පිණිස, ශෝකය, වැළපීම් වලින්
තොර වීම හා දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම පිණිස මෙන්ම නිවන් අවබෝධ වීම පිණිස එකම මඟ ලෙස
බුදු දහමේ හැඳින්වෙන්නේ;
1. සතර ඍද්ධිපාද
2. සතර කමටහන්
3. සතර සංග්‍රහ වස්තු
4. සතර සතිපට්ඨානය
10. තම යහළුවන්ගේ දියුණුව හා සතුට දැක අවංකව ඒ ගැන සතුටු
වීමේ හැකියාව ;
1. කරුණාව නම් වේ
2. උපේක්ඛාව නම් වේ
3. මුදිතාව නම් වේ
4. මෙත්තාව නම් වේ
11. ධාර්මිකව උපයා ගත ධනයන් ඇතැයි සිතා යමෙක් සතුටක් ලබන්නේ
නම් එය;
1. අත්ථි සුඛය නම් වේ
2. භෝග සුඛය නම් වේ
3. අනණ සුඛය නම් වේ
4. අනවජ්ජ සුඛය නම් වේ
12. භික්ෂූන් වහන්සේලා දැන් වැළදිය යුතු වන්නේ;
1. මද වඩනු පිණිසය
2. ශරීරය සරසා ගනු පිණිසය
3. කඩවසම් වනු පිණිසය
4. පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිසය
13. නැගිට ගැනීමටවත් බැරි තරමට කෑම ගෙන එහි පෙරළි සිටින්නා
;
1. කාකමාසක නම් වේ
2. භුත්තවමිතික නම් වේ
3. තත්ථාවට්ටක නම් වේ
4. ආහාර හන්ථක නම් වේ
14. දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ;
1. සබ්බකාමී මහ රහතන් වහන්සේ
2. උපාලි මහ රහතන් වහන්සේ
3. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
4. මහාදේව මහ රහතන් වහන්සේ
15. ඒ ඒ ධර්ම කොටස් මුඛ පරම්පරාවෙන් රැකගෙන ඉදිරියට ගෙන
ඒම සඳහා භාණක පරම්පරාවට භාර දුණි. ඒ අනුව මජ්ඣිම නිකාය භාර දෙනු ලැබුවේ;
1. සැරියුත් තෙරණුවන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටය
2. මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටය
3. ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටය
4. අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටය
16. මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක්
නොවන්නේ;
1. දේශීය භික්ෂු සමාජය ආරම්භ වීමය
2. මහා විහාරය ක්‍රේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් ඇරඹීම
3. රාජ්‍ය පාලනය භික්ෂූන් යටතට ගැනීම
4. කැටයම් හා මූර්ති කලාවක් බිහි වීමය
17. “මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස
මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය” මේ සටන් පාඨය පෙරදැරි කරගෙන කටයුතු කළ පාලකයා
කවුද ?
1. වළගම්බා රජතුමා
2. ධාතුසේන රජතුමා
3. මහ පැරකුම්බා රජතුමා
4. දුටුගැමුණු මහ රජතුමා
18. සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන් වූ බමුණු පඬිවරයා
;
1. කොණ්ඩඤ්ඤ නම් වේ
2. කාලදේව නම් වේ
3. සර්වමිත්‍ර නම් වේ
4. සුදන්ත නම් වේ
19. අංගුලිමාල, ආලවක කතාවලින් ප්‍රකට වන්නේ බුදු රජාණන්
වහන්සේ තුළ පැවති,
1. අසරණ සරණ ගුණයයි
2. පුරිසධම්ම සාරථි ගුණයයි
3. යථාවාදී තථාකාරී ගුණයයි
4. තාදී ගුණයයි
20. සිදුහත් බෝසතාණන් “ කිං කුසල ගවේසී” සිටි අවධියේ පළමුව සත්‍ය සොයා
ගියේ;
1. ආළාරකාලාම වෙතය
2. කාලදේව වෙතය
3. උද්දකරමපුත්‍ර වෙතය
4. සර්වමිත්‍ර වෙතය
21. ගිලානෝපස්ථානය බුද්ධ චරිතයෙන් ප්‍රයෝගිකව ක්‍රියාවට
නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ;
1. මට්ටකුණ්ඩලී කතා පුවතය
2. රජ්ජුමාලා කතා පුවතය
3. සෝපාක කතා පුවතය
4. පූතිගත්තතිස්ස කතා පුවතය
22. සිදුහත් කුමාරයා සරණ පාවා ගත් භද්දකච්චායනා කුමරියගේ
පියා වූයේ;
1. උදේන රජතුමාය
2. කෝලිය රජතුමාය
3. සුප්‍රබුද්ධ රජතුමාය
4. බිම්බිසාර රජතුමාය
23. නිවන් පසක් කිරීමට අවශ්‍ය වූ මනා වූ පිළිවෙත් රකිනා
බැවින් මහා සංඝ රත්නය;
1. සුපටිපන්න නම් වේ
2. උජුපටිපන්න නම් වේ
3. ආහුනෙය්‍ය
නම් වේ
4. පාහුනෙය්‍ය නම් වේ
24. “තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය.
වැඩදායක යහපත් දේ කිරීම අපහසුය.” යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය දැක්වෙන
පිළිතුර තෝරන්න.
1. “යෝචේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ”
2. නතං කම්මං කතං සාධූ - යං කත්වා අනුතප්පති”
3. සුකරානි අසාධුනී - අත්තනෝ අහිතානිච”
4. අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති”
25. උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස “යේ
ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ” යනාදී ගාථාවන් ප්‍රකාශ කළේ;
1. කොණ්ඩඤ්ඤ හිමිය
2. භද්දිය හිමිය
3. මහානාම හිමිය
4. අස්සජී හිමිය
26. ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය
වන්නේ;
1. සම්මා ආජීව යන්නයි
2. සම්මා වායාම යන්නයි
3. සම්මා සති යන්නයි
4. සම්මා සමාධි යන්නයි
27. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින්
දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ;
1. ඔවුන් වරදින් මුදවා ගැනීම
2. ඔවුන් යහපත් කටයුතු වලට යෙදවීම
3. සුදුසු කල්හි සම්පත් පවරා දීමයි
4. නිවසෙහි වගකීම් පැවරීමයි
28. මරණින් මතු පළමු ආත්මභාවයේ දී හෙවත් ඊළඟ භවයේ දී විපාක
දෙන කාර්ම;
1. දිට්ඨධම්මවේදනීය කර්ම වේ
2. උප්පජ්ජවේදනීය කර්ම වේ
3. අපරාපරිවේදනීය කර්ම වේ
4. අහෝසි කර්ම වේ
29. පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ;
1. සබ්බකාමී තෙරණුවෝය
2. මොග්ගලීපුත්තතිස්ස තෙරණුවෝය
3. මහා කාශ්‍යප තෙරණුවෝය
4. පාර්ශ්ව තෙරණුවෝය
30. පාලකයෙකු තම කැමැත්ත මත අගතිගාමීව කටයුතු කිරීම ;
1. ජන්දය ලෙස හැඳින්වේ
2. ද්වේෂය ලෙස හැඳින්වේ
3. භය ලෙස හැඳින්වේ
4. මෝහය ලෙස හැඳින්වේ
31. තමන් උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්ම පරියාය
බුදු දහමේ හැඳින්වෙන්නේ ;
1. ලෝකාධිපති ධම්ම ලෙසය
2. අත්තාධිපති ධම්ම ලෙසය
3. ධම්මාධිපති ධම්ම ලෙසය
4. අත්තුපනායික ධම්ම ලෙසය
32. ගර්භයේ හැඩය කළයක ස්වරූපයෙන් ගොඩනඟන ලද ස්තූප හැඳින්වෙන්නේ;
1. ධාන්‍යාකාර ස්තූප ලෙසයි
2. ඝණ්ටාකාර ස්තූප ලෙසයි
3. ඝටාකාර ස්තූප ලෙසයි
4. පද්මාකාර ස්තූප ලෙසයි
33. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත්
කොට දේවානම්පියතිස්ස රජතුමා ඉදිකළ ස්තූපය වන්නේ ;
1. මහියංගන ස්තූපය
2. ථූපාරාම ස්තූපය
3. ගිරිහඬු සෑය
4. රන්කොත් වෙහෙරයි
34. සුනිත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ
බුදුරජාණන් වහන්සේ තුළ පවතී ;
1. යථාවාදී තථාකාරී ගුණයයි
2. පුරිසධම්ම සාරථි ගුණයයි
3. අසරණ සරණ ගුණයයි
4. ගිලනුන්ට උවටැන් කිරීමේ ගුණයයි
35. සිදුහත් බෝසතාණන් වහන්සේගේ ශාන්තබව හා රූපශ්‍රීය දැක
“මෙවන් පුතකු ලද මවක් පියෙක් නිවුණෝ වෙන” යනාදී වශයෙන් ප්‍රකාශ කරනු ලබුවේ;
1. කිසාගෝතමිය විසිනි
2. භද්දකච්චායනා විසිනි
3. රූපා නන්දා විසිනි
4. උප්පලවන්ණා විසිනි
36. සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින්ද, රහසින්වත් පව්
නොකළ හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද බුදු රජාණන් වහන්සේ;
1. “අරහං” වන සේක
2. “සුගත” වන සේක
3. “බුද්ධ” වන සේක
4. “භගවා” වන සේක
37. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ධනය විනාශ වීමට
හේතු වන කරුණු අතරට අයත් නොවන කරුණක් වන්නේ පහත කවර කරුණක් ද?
1. නුසුදුසු වේලාවන්හි මංමාවත් වල සැරිසැරීම
2. නැටුම්,ගැයුම්,වැයුම් හි ලොල් බව
3. පවිටු මිතුරන් ඇසුරු කිරීම
4. අනලස්ව කාලය ගත කිරීම
38. සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස වලට ඇතුළත් නොවන කරුණක්
වන්නේ මින් කුමක්ද?
1. කිර්තිය පැතිරීමයි
2. ඕනෑම පිරිසක් මැදට නොබියව යා හැක
3. සිහි මුළා වී කළුරිය කිරීම
4. මරණින් මතු සුගතියේ උපත ලැබීම
39. පරපණ නැසීම, සොරකම,වැරදි කෑම සේවනය යන අකුසල් තුනෙන්
වැළකීම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි;
1. සම්මා දිට්ඨි වේ
2. සම්මා සංකප්ප වේ
3. සම්මා කම්මන්ත වේ
4. සම්මා ආජීව වේ
40. මහනුවර යුගය වනවිට පරිහානියට පත්ව තිබූ සම්බුද්ධ ශාසනය
නැවත නඟා සිටුවීම සඳහා කටයුතු කළ යතිවරයාණන් වහන්සේ;
1.
වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සඟරජ හිමිපාණෝ
2.
වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණෝ
3.
මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණෝ
4.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ
No comments:
Post a Comment