Showing posts with label අ.පො.ස සාමාන්‍ය පෙළ කර්මය ආශ්‍රිත කෙටි සටහන්. Show all posts
Showing posts with label අ.පො.ස සාමාන්‍ය පෙළ කර්මය ආශ්‍රිත කෙටි සටහන්. Show all posts

Friday, February 26, 2021

අ.පො.ස සාමාන්‍ය පෙළ කර්මය ආශ්‍රිත කෙටි සටහන්

 කර්මය 

කාය කර්ම 

කුසල් මුල්
    • ප්‍රාණඝාතය නොකර සිටීම
    • සොරකමින් වැළකී ජීවත් වීම
    • වැරදි කාම සේවනය නොකර ජීවත් වීම

 

අකුසල් මුල් 
    • ප්‍රාණඝාතය 
    • අදත්තාදානය 
    • කාම මිත්‍යාචාරය

වචී කර්ම 

කුසල් මුල්
    • සත්‍ය කතා කිරීම
    • සමඟිය ඇති වන හොඳ වචන කතා කිරීම
    • මිහිරි වචන කතා කිරීම
    • දස කතාවෙන් යුක්ත වීම

 

අකුසල් මුල්
    • මුසාවාද 
    • පිසුනාවාච 
    • පරුසාවාච 
    • සම්පප්පලාප 
අකුසල් මුල්


මනෝ කර්ම 

කුසල් මුල්
    • දන් දීම
    • තරහා නොගෙන සිටීම
    • සම්මා දිට්ඨියෙන් යුක්ත වීම

 

අකුසල් මුල්
    • අභිධ්‍යාව (දැඩි ලෝභය, මසුරු බව)
    • ව්‍යාපාදය ( තරහව)
    • මිත්‍යා දෘෂ්ටිය

පාරිසරික සාධක ඇසුරින් කර්මය වෙනස් වන ආකාරය

  • ගති සම්පත්තිය - ලැබුණු උපත අකුසල් විපාක දීමට නොගැළපෙන පරිසරයකි.
  • උපධි සම්පත්ති - උසස් රූපයක් තිබීම
  • කාල සම්පත්තිය - යහපත් සෞභාග්‍ය කාළයක් තුළ ඉපදීම
  • ප්‍රයෝග සම්පත්තිය - ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම


කර්මයේ ප්‍රභේද 

  • දිට්ඨධම්මවේදනීය කර්ම - මෙලොවදීම විපාක දෙන කර්ම
  • උපපජ්ජවේදනීය කර්ම - මරණින් මතු ආත්ම භවයේ දී විපාක දෙන කර්ම
  • අපරාපරිවේදනීය කර්ම - දෙවන ආත්මයේ සිට සසර දුකින් නිදහස් වන තාක් කල්ම විපාක දෙන කර්ම
  • අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වන කර්ම


කාර්යයන් අනුව

  • ජනක කර්ම - මීළඟ උපත ලබා දීමට ඉවහල් වන කර්මය
  • උපස්තම්භක කර්ම - උපන් ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට මෙම කර්මය උපකාර වේ
  • උපපීඩක කර්මය - ජනක කර්මයේ බලය හීන කරන කර්මයකි.
  • උපඝාතක කර්ම - ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැති කරයි


විපාක දෙන ආකාරය අනුව කර්මය සතර ආකාරයි 
  • ගරුක කර්ම - වෙනත් කර්මයකින් වැළක්විය නොහැකි කර්ම
  • ආසන්න කර්ම - මරණ මොහොතේ දී කරන ලද හෝ සිතට නැඟුණු කර්ම
  • ආචින්න කර්ම - ජීවිතයේ පුරුද්දක් ලෙස කරන ලද කර්ම
  • කටත්තා කර්ම - දැඩි චේතනාවක් නොමැතිව කරනු ලබන කර්ම

Sustainable Travel : Tips for Eco-friendly Travels

 Sustainable Travel: Tips for Eco-Friendly Travels Introduction: As our awareness of the environmental influence of our actions has increase...