සාමාන්‍ය දැනීම

 2020 මහ බැංකු වාර්තාව - කෙටි සටහන් (3 වන පරිච්ඡේදය)

මාර්ග සංවර්ධනය

·         ජාතික මහාමාර්ග වල A සහ B කාණ්ඩයේ මාර්ගවල සමස්ත දිග 12220km

·         අධිවේගී මාර්ග වල මුළු දිග 217.8 km

සංවර්ධිත අධිවේගී මාර්ග


  • කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කෙරෙන මාර්ග කොටසක්ද සහිතව කඩවත හා කෙරවලපිටිය අන්තර් හුවමාරුව සම්බන්ධ කරන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර කිලෝමීටර් 9.6 
  • මත්තල දක්වා දිවෙන අධිවේගී මාර්ගය කොටසක්ද සහිතව මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය.(මෙහිදී රටේ ප්‍රධාන වරායන් දෙක සහ ගුවන්තොටුපල සම්බන්ධ වී ඇත.)
  •  කිලෝමීටර් 169ක දිගින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගය
  •  කිලෝමීටර් 74ක දිගින් යුතු රුවන්පුර අධිවේගී මාර්ගය

මාර්ග සංවර්ධන ව්‍යාපෘති

·         මගනැගුම

·         රන් මාවත් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීමේ සහ ඉදිකිරීමේ වැඩසටහන

මාර්ග යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය ට අහිතකර ලෙස බලපාන හේතු

  • මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම (උසාවි නඩු කටයුතු විශාල සංඛ්‍යාවකට මුහුණදීමට සිදුවීම)

 

මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රමාද අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

  • ඉඩම් අත්පත් කර ගැනීම, වන්දි ගෙවීම සහ නැවත පදිංචි කිරීම සඳහා කාලෝචිත, කාර්යක්ෂම හා සක්‍රීය ප්‍රතිපත්ති රජය විසින් මේ සඳහා අනුගමනය කළ යුතුය.

ජාතික මහාමාර්ගවල නායයාම් ආපදා අවම කිරීම සහ රථවාහන තදබදය අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

  • ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය ආධාර ඇතිව ජාතික මාර්ග වල නායයෑම් ආපදා අවම කිරීම සඳහා උස් බිම් ප්‍රදේශවල හානි අවම කිරීමට සුදුසු පියවර ක්‍රියාවට නංවන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත
  • රථවාහන කළමනාකරණ පද්ධති ව්‍යාපෘතිය යටතේ කොළඹ අගනගර කලාපය තුළ ආලෝක සංඥා සහිත  පදික මාරු ඉදිකිරීම.
  •  මාර්ග ආරක්ෂාව සවිමත් කිරීම
  • පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කිරීම

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සපයන ලද විශේෂ පොදු ප්‍රවාහන සේවා

  • සිසුසැරිය - පාසල් ළමුන් සඳහා විශ්වාසදායක හා ආරක්ෂිත සේවාවක් සැපයීම.
  • ගැමි සැරිය - ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා වැඩි වශයෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
  • නිසි සැරිය - රාත්‍රී කාලයේ දී පොදු ප්‍රවාහන සේවා සැපයීම සඳහා.
  • අන්තර් පළාත් බස් සේවා සඳහා මංගතව ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම
  • බස් මාර්ග , දුම්රිය මාර්ග , දුම්රිය ස්ථාන හා අනෙකුත් පොදු ප්‍රවාහනය සම්බන්ධ තොරතුරු මහජනතාවට සැපයීම සඳහා google සංක්‍රමණ (google transit) ක්‍රියාත්මක වීම.(මූලික අදියර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත)
  • ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු නව බස් රථ යෙදවීම.

ප්‍රමාණය ඉක්මවා වාහන ආනයනය හේතුවෙන් ඇති වන බාහිර අසමතුලිතතා අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

  • පොදු ප්‍රවාහන පද්ධති වල ගුණාත්මකභාවය හා කාර්‍යක්ෂ්මතාවය ඉහළ නැංවීම.
  • පිරිවැය ඵලදායි පොදු ප්‍රවාහන ක්‍රම වැඩිදියුණු කිරීම. (එමගින් තදබදය, පරිසර දූෂණය සහ ඉන්ධන නාස්තිය අවම වේ. පුද්ගල කාලය ඉතිරි වේ. පුද්ගලයන්ට ඵලදායි කටයුතු සහ විවේකය සඳහා වැඩි කාලයක් ගත කිරීමට හැකි වේ.)

 

දුම්රිය සේවා

දුම්රිය සේවා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

·         නව දුම්රිය මාර්ග ඉදිකිරීම.

·         පවතින දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.

·         දුම්රිය සේවා හා දුම්රිය ඒකක වැඩි දියුණු කිරීම.

 

ඉදිකරන ලද නව දුම්රිය මාර්ග

·         මාතර සිට බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම

·         ද්විත්ව දුම්රිය මාර්ග

o   කටුනායක කුරණ

o   පොල්ගහවෙල සිට කුරුණෑගල

o   මහනුවර පේරාදෙණිය හා කඩුගන්නාව යා කරන දුම්රිය මාර්ගය

o   පයාගල සිට අලුත්ගම දක්වා දුම්රිය මාර්ගය

·         මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය.

·         කැලණිවැලි දුම්රිය නඩත්තු කටයුතු.

·         මග්ගොන නව පාලම ඉදිකිරීමේ කටයුතු.

·         කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය

 

ඒකක සංචිතය වැඩිදියුණු කිරීමට ගන්නා ලද පියවර

  • පවත්නා දුම්රිය ඒකක ප්‍රතිසංස්කරණය කිරීම.
  • නව දුම්රිය ඒකක ආනයනය කිරීම.
  • කලින් ආසන වෙන් කිරීමේ පහසුකම.
  • ආපනශාලා වැනි මගී පහසුකම් වැඩිදියුණු කිරීම.
  • දුම්රිය මාර්ග වල සංඥා සහ විදුලි සංදේශ පද්ධති සවිමත් කිරීම.
  • හරස් මාර්ග පද්ධති 200ක් ස්ථාපනය කිරීම.
  • මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අඩු පිරිවැය පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවාව වැඩිදියුණු කිරීම.
  • මහජනතාවට සුවපහසු කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් සැපයීමට නියමිත කාල සීමාව තුළ නියමිත දුම්රියවල් ප්‍රමාද වීමෙන් තොරව පැමිණීමට ඇති බාධා විසඳීම.

 

සිවිල් ගුවන් සේවය

සිවිල් ගුවන් සේවා අංශයේ සෘණාත්මක ක්‍රියාකාරීත්වයට හේතු

·         2019වසරේ පාස්කු ඉරුදින ප්‍රහාර වලින් පසුව සංචාරකයින්ගේ පැමිණීම අඩු වීම.

·         කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචරණය සීමා වීම.

 

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

  • මගීන් සඳහා වූ ගොඩ බැසීමේ බද්ද අඩු කිරීම.
  • දේශීය ගුවන් මඟින් හැසිරවීම් ක්‍රමවත් කිරීම.
  • ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට ක්‍රියාත්මක වන ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම වේ. (මෙසේ නම් කරන ලද්දේ දෙවන වරට වේ.)
  • ගුවන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.මේ යටතේ ප්‍රාදේශීය ගුවන් මධ්‍යස්ථාන ජාත්‍යන්තර ගුවන් මධ්‍යස්ථාන බවට පත් කිරීම සැළකිය හැකිය.

ගුවන් සංවර්ධන ව්‍යාපෘති

  • පලාලි ගුවන්තොටුපල යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කරන ලදී.
  • බණ්ඩාරවෙල ගුවන් තොටුපළ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම.
  • මඩකලපුව ගුවන් තොටුපල හා රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස වැඩි දියුණු කිරීම.
  • ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් පහකි.

 

o   මත්තල

o   මඩකලපුව

o   යාපනය

o   රත්මලාන

o   කටුනායක

 

සිවිල් ගුවන් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

  • අමාත්‍ය මණ්ඩලය මගින් ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය අනුමත කිරීම.
  • වාණිජ ගමනාගමන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන විවෘත කිරීමට යෝජනා වී ඇත.
  • ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය මගින් විදේශ ගුවන් සමාගම් වලට ශ්‍රී ලංකාව වෙත කුලී පදනම යටතේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අනුබල ලබා දෙයි.
  • නව දේශීය ගගන යාත්‍රාංගණය තැනීමට ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය අපේක්ෂා කරයි.

 

වරාය සේවා

වරාය සේවා වැඩිදියුණු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

  • කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවල වර්ධනය
  • බහලු මෙහෙයුම් ප්‍රති නැව්ගත කිරීම් සහ භාණ්ඩ මෙහෙයුම් යන අංශවල වර්ධනයක් පෙන්නුම් කිරීම.
  • විශාල නැව් හැසිරවීමේ හැකියාව ඇති ශක්තිමත් යටිතල පහසුකම්වලින් සමන්විත කොළඹ ජාත්‍යන්තර බලු පර්යන්තය වැඩි දියුණු කිරීම.

ඉහළ කාර්ය සාධනයට හේතු
    • නැංගුරම් ලීම සඳහා විශේෂයෙන් ම ගැඹුරු තටාක පහසුකම් පැවතීම.
    • නැව් මෙහෙයවීමට හැකි නවීන උපකරණ වලින් යුතු වීම.
    • කොළඹ වරායේ අනෙකුත් පර්යන්ත වල නොමැති ඉහළ ධාරිතාවක් එම පර්යන්තය තුළ පැවතීම.
    • රටේ ප්‍රධාන වරායවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා මුහුදු ප්‍රවාහනය තුලින් ලෝකය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට හැකි වීම.
    • කොළඹ වරාය බහලු පර්යන්ත සංවර්ධන කටයුතු
    • නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධන කටයුතු (ගැඹුරින් 100m, 1200m දිගින් යුතු තොටුපළ බැම්මක්, අඩි 20 ට සමාන බහලු ඒකක මිලියන 2.4 ක ධාරිතාවකින් යුතු අංගනයක් ඉදි කිරීමට අපේක්ෂා කරයි. මේ සඳහා ඉන්දියාව හා ජපානය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන ලදී. නැගෙනහිර බහලු පර්යන්තය නව මහා පරිමාණ නෞකා සඳහා විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.)
    • ත්‍රිකුණාමල වරායේ නෞකා හැසිරවීමේ පහසුකම වැඩි දියුණු කිරීම.(මේ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පද්ධතිය උපකාර කරයි.)
    • සංචාරක හා වෙළඳ කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය වරායක් ලෙස ගාල්ල වරාය පුළුල් කිරීම.

කොළඹ වරාය ධාරිතාව පුළුල් කළ යුත්තේ ඇයි

·         දකුණු ආසියානු පර්යන්තයේ විශාල යාත්‍රා මෙහෙයවීම සඳහා ධාරිතාව සීමා වීම.

·         නැගී එන වෙළඳ පොළ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් කලාපය තුළ තරගකාරීත්වය පවත්වාගෙන යෑමට.

 

පණිවිඩ හුවමාරු සේවා

2019 වර්ෂය,

·         ස්ථාවර දුරකථන ඝනත්වය 10.5

·         ජංගම දුරකථන ඝනත්වය 150.8

·         අන්තර්ජාල ඝනත්වය 61.5

ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සදහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග

  • විදුලි සංදේශ සේවා සඳහා වූ බදු අඩු කිරීම.
  • ආර්ථිකයේ ප්‍රධාන අංශ වල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ක්‍රමවේද භාවිතය වේගවත් කිරීම.
  • ICTA සමග රජය එක් වී තිරසාර ආර්ථික සංවර්ධනයට ජාතික ඩිජිටල් ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම.(2020 - 2025 ශ්‍රී ලංකාවේ ඩිජිටල් න්‍යාය පත්‍රය)
  • ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය(SLCERT) විසින් රජයේ ඩිජිටල් යෙදවුම් සහ යටිතල පහසුකම් සඳහා පවතින තර්ජන ආවේක්ෂණය කිරීම. (මේ සඳහා සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන ලදී.)

 

ICTA මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති

  • රාජ්‍ය ආයතන 868 සම්බන්ධ කරමින් ලංකා රාජ්‍ය ජාල 2.0 ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.
  • ලංකා රාජ්‍ය ක්ලවුඩ් 2.0 ව්‍යාපෘති ඔස්සේ රජයේ විශාල දත්ත එකතුවක් නිර්මාණය කිරීම.
  • සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් කළමනාකරණ පද්ධතිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • ඒකාබද්ධ සුබසාධන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම.
  • රජයේ ඩිජිටල් පරිවර්තනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මානව සම්පත් ධාරිතා ගොඩනැගීම.
  • ජාතික අවකාශ දත්ත යටිතල පහසුකම් - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම.
  • සුහුරු සමාජ සහ පුරවැසි ශක්‍යතා වර්ධන ව්‍යාපෘති සහ රජයේ ආයතනවල ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතිය ඇතුළු තවත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීම.
  • ඩිජිටල්කරණය පිළිබඳව පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් රාජ්‍ය නිලධාරීන් උදෙසා පැවැත්වීම.
  • කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රම බලකාය හා ඉල්ලුම හා සැපයුම විශ්ලේෂණය කිරීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ - ශ්‍රම බලකා සමීක්ෂණ සිදු කිරීම.
  • විදුලි සංදේශ අංශයේ වර්ධනයට දායක වීම.
  • විදුලි සංදේශ ජාල සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාකරන ස්ථානයක් වන්නේ, කොළඹ නෙළුම් කුළුණ
  • තොරතුරු තාක්ෂණ උද්‍යානය හම්බන්තොට (තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඇගයීමක් සිදු කිරීම.

 

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගත හැකි ආකාරය

  • ඵලදායිතාව වැඩිදියුණු කිරීම.
  • සේවා විවිධාංගීකරණය කිරීම.
  • වඩා හොඳ තත්වයේ සේවා සැපයීම සඳහා දියුණු තාක්ෂණය යොදා ගැනීම.
  • පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය.
  • ආදායම ඉහළ නැංවීම සඳහා නිසි ව්‍යුහාත්මක මිල යාන්ත්‍රණය යොදාගැනීම.
  • ලිපි සහ පාර්සල් වර්ග කිරීම ඒවා ඇති ස්ථාන හඳුනා ගැනීම හා ඒවායේ ගමන් මඟ දැන ගැනීම පිණිස තීරු කේත භාවිතා කිරීම වැනි ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගැනීම.
  • ජාත්‍යන්තර තැපැල් සේවා වලට අනුකූලව සිය සේවා පුළුල් කිරීම හා විවිධාංගීකරණය

ශ්‍රී ලංකාවේ තැපැල් පද්ධතිය

·         ප්‍රධාන තැපැල් කාර්යාලය 653

·         උප තැපැල් කාර්යාල 3409

·         නියෝජිත තැපැල් කාර්යාල 307

·         ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 101

·         වතු නියෝජිත තැපැල් කාර්යාල 4

 

ජල සම්පාදනය හා වාරිමාර්ග

රටේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට ජල සැපයුම් අංශ ක්‍රියා ක්‍රියාත්මක වන ආකාරය

  • ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක සේවා සැපයීමේ අරමුණින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් බස්නාහිර පළාත සඳහා ගිරිදර ජල සැපයුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.( ජල හිඟයෙන් පීඩා විඳින ගිරිදර හා ඒ අවට ප්‍රදේශවල පානීය ජලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.)
  • දකුණු පළාත සඳහා කිරම කටුවන ජල සැපයුම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම. (කිරම කටුවන ජල සැපයුම් ව්‍යාපෘතිය අවසන් වූ විට වලස්මුල්ල හා කටුවන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සේවා පුළුල් කිරීමට අපේක්ෂිතය.)

කෘෂිකර්මාන්තය හා ගෘහස්ථ අවශ්‍යතා  සැපිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග  

  • හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම. 
  • යෝධ වැව ව්‍යාපෘතිය යටතේ පෝෂක වැව් ප්‍රතිසංස්කරණය කිරීම. 
  • යාන්ඔය සහ කළු ගල් ඔය ජලාශවල සංවර්ධන කටයුතු සිදු කිරීම. 
  • දේශගුණ විපර්යාස වලට ඔරොත්තු දීමට ජල සම්පත් යටිතල පහසුකම් වලට ඇති හැකියාව ඉහළ නැංවීම සඳහා 2014 වසරේ දී ආරම්භ කරන ලද දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (කලාප නවයක් තුළ වාරිමාර්ග යෝජනා ක්‍රම විසිඑකක් ආවරණය කිරීම.)

උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇති ජලාශ

o   අලිකොටආර

o   දියරබා  

o   පුහුල්පොල  

o   හඳපානගල

  • වාරිමාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රථම සමාජ ආර්ථික පාරිසරික සහ භූ විද්‍යාත්මක ගැටලු මගින් ඇතිවිය හැකියි ගැටලු සම්බන්ධව පාරිසරික තක්සේරු කිරීම සිදු කිරීම අවශ්‍ය වේ.

No comments:

Post a Comment

Sustainable Travel : Tips for Eco-friendly Travels

 Sustainable Travel: Tips for Eco-Friendly Travels Introduction: As our awareness of the environmental influence of our actions has increase...