Friday, February 26, 2021

සාමාන්‍ය පෙළ විභාගයේ දී ධම්මපදය ප්‍රශ්නයට පිළිතුරු ලබාදිය යුතු ආකාරය


1.     ගාථාව ලියන්න

2.     අර්ථය ලියන්න

3.      

                               I.            හඳුන්වාදීම

      • බෞද්ධයාගේ අත්පොත ධම්මපදයයි.
      •  සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වේ. 
      • වග්ග  26කි.
      • ගාථා 423කි.

 

                             II.            වැදගත් කරුණු පහක් ලියන්න

    • ධම්ම පදය තුළින් ජීවිතාදර්ශ ලබාදෙයි.
    • අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම ගැලපෙන පරිදි නිර්මිත වේ.
    • ධම්මපද ගාථා වලින් අපට කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව පෙන්වා දෙයි.
    • මෙහි අඩංගු කරුණු කාල,  දේශසීමා, ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොර වේ.
    • එහි අන්තර්ගත සෑම කරුණකින්ම පුද්ගලයාගේ මෙලොව හා පරලොව යහපතද , ල්ල්විමුක්තියද සලසා ගැනීමට ඉවහල් වේ. 

 

                          III.            පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට ද, යහපත් සමාජයක් ගොඩනැගීමට හා ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට ධම්මපදයෙන් ලැබෙන උපදෙස් ඇගයීමට ලක් කරන්න.

·        මෙහිදී ධම්මපද ගාථාවක් මගින් මෙය විස්තර කිරීම ගොඩක් හොඳයි.

·        මෙම උදාහරණය බලන්න

පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් සපයන ග්‍රන්ථයක් ලෙස ධම්ම පදය ඇගයීමට ලක් කළ හැකි වෙයි. එහි අන්තර්ගත සෑම කරුණකින් ම පුද්ගලයාගේ මෙලොව හා පරලොව යහපත ද විමුක්තිය සලසා ගැනීමට ඉවහල් වෙයි.

සාරංච සාරතෝ ඤත්වා 

අසාරංච අසාරතෝ

තේ සාරං අධි ගච්ඡන්ති

සම්මා සංකප්ප ගෝචරා

 

සරු දෙය සරු හැටියටත් නිසරු දෙය නිසරු හැටියටත් වටහා ගෙන කටයුතු කිරීමට ඉන් උගන්වයි. සරු හා නිසරු දෙය නිවැරදිව වටහා ගැනීම නිසා සරු දෙය කරයි. නිසරු දේ බැහැර කරයි. එනම් කුසල් කරයි. අකුසල් බැහැර කරයි. එය නිවැරදි සංකල්පයකි. එය පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වේ.

එමෙන්ම වෛරයට වෛර නොකර මෛත්‍රී කිරීමට ධම්මපදය උගන්වයි. වෛරයට වෛර කිරීමට යාමෙන් ජීවිත හානි සහ දේපල හානි ඇති වේ. එම නිසා වෛරය, අවෛරයෙන් නැති කරගත යුතුවේ. එය පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වේ. වෛර නො කිරීමේ  අගය දැක්වෙන ධම්මපද ගාථාවකි මේ.

No comments:

Post a Comment

Sustainable Travel : Tips for Eco-friendly Travels

 Sustainable Travel: Tips for Eco-Friendly Travels Introduction: As our awareness of the environmental influence of our actions has increase...