Saturday, February 27, 2021

බුද්ධ ධර්මය II කොටස - 10 ශ්‍රේණිය ආදර්ශ ප්‍රශ්න පත්‍ර

 බුද්ධ ධර්මය -  10 ශ්‍රේණිය  

බුද්ධ ධර්මය II කොටස

පළමු වැනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න හතරක් ඇතුළු ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. පළමුවෙනි ප්‍රශ්නය සඳහා ලකුණු 20ක් ද තෝරා ගන්නා ලද අනෙක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ද හිමි වේ.

01.         

                             I.      ධර්මය පිළිපැදීමට මූල බීජය වන්නේ ...........................................යි.(ලකුණු 01)

                           II.      රාගය යනු කුමක් ද? (ලකුණු 01)

                         III.      මෝහය යනු කුමක්ද? (ලකුණු 01)

                         IV.      රාග,ද්වේශ,මෝහ ප්‍රහීණ කිරීමෙන් ................................. ලැබිය හැකිය. (ලකුණු 01)

                           V.      4වන ධර්ම සංගායනාව පැවැත්වීමට පදනම් වූ කරුණු 04ක් ලියන්න. (ලකුණු 04)

                         VI.      ස්තූප ආකෘති 6 පැහැදිලිව ඇද නම් කරන්න. (ලකුණු 12)

 

02.         

                             I.      ධම්මපදය පොත් වහන්සේ හඳුන්වන තවත් නම් දෙකක් ලියන්න. (ලකුණු 02)

                           II.      සිල්වත් වීමෙන් ලැබෙන ආනිසංස 03ක් ලියන්න. (ලකුණු 03)

                         III.      "සිල්වත්වීම ධනෝපායනයට බාධාවක් නොවේ" මේ මාතෘකාව යටතේ කෙටි සටහනක් ලියන්න. (ලකුණු 03)

                         IV.      අර්ථචර්යාව කෙටියෙන් විස්තර කරන්න.(ලකුණු 01)

                           V.      සමානාත්මතාවය කෙටියෙන් විස්තර කරන්න.(ලකුණු 01)

 

03.        පහත සඳහන් වචන කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 10)


                             I.      දිට්ඨධම්මවේදනීය කර්ම

                           II.      ආසන්න කර්ම

                         III.      ගරුක කර්ම

                         IV.      පද්මාකාර ජීවිතය

                           V.      අනුසෝතගාමී

                            VI.   අපරාපරිවේදනීය කර්මය

                          VII.   සහජීවනය

                        VIII.   පටිසෝතගාමී

                            IX.   උප්පජ්ජවෙදනීය කර්මය

                              X.   කර්මය 


 

04.                  

                             I.      බුදුරජාණන් වහන්සේ මෙම සමාජය කොටස් 06කට බෙදා ඒ අතර සබදතා පවත්වා ගත යුතු ආකාරය පෙන්වා දුන් සූත්‍රය කුමක් ද? (ලකුණු 01)

                           II.      ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් තිබෙන කෙනාට ....................... තිබේ.(ලකුණු 01)

                         III.      ත්‍රිලක්ෂණය ගැන පැහැදිලිවන සූත්‍ර දේශනාව කුමක් ද? (ලකුණු 01)

                         IV.      අනාත්මය පැහැදිලි වන ආකාරයේ උදාහරණ 02ක් ලියන්න. (ලකුණු 02)

                           V.      ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් සහිත කෙනාගේ ගුණාංගයක් ලියන්න.(ලකුණු 01)

                         VI.      සතර සංග්‍රහ වස්තු නම් කරන්න.(ලකුණු 02)

 

05.         

                             I.      පටිච්ච සමුප්පාද න්‍යාය දැක්වෙන්නේ කුමන සූත්‍රයේ ද? (ලකුණු 01)

                           II.      පටිච්ච සමුප්පාද වශයෙන් හඳුන්වන්නේ කුමක් දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 01)

                         III.      මේ ලෝකයේ පරම සත්‍යයට කියන නම කුමක් ද? (ලකුණු 01)

                         IV.      බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ (බුදු සිරිතේ) පරිසරය හා බැඳුණු අවස්ථා 03ක් ලියන්න.(ලකුණු 03)

                           V.      අහිතකර ආහාර පරිභෝජන රටාවෙන් සිදු වන හානි 04ක් ලියන්න. (ලකුණු 04)

 

06.         

                             I.      චතුරාර්ය සත්‍ය පාලියෙන් ලියන්න.(ලකුණු 04)

                           II.      චතුරාර්ය සත්‍ය සිංහලෙන් ලියන්න. (ලකුණු 04)

                         III.      චතුරාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි කෙටි විග්‍රහයක් කරන්න. (ලකුණු 04)

 

07.         

                             I.      බුදු දහමේ රෝග ...................... යනුවෙන් හැඳින්වේ. (ලකුණු 01)

                           II.      100% මානසික රෝග වලින් තොර .................................................. පමණයි. (ලකුණු 01)

                         III.      බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් මානසික හා කායික නීරෝගීව ජීවත් වනු දැකීමට කැමති විය.

                         IV.      සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කළ යුතු දේ 05ක් ලියන්න. (ලකුණු 05)

                           V.      ධම්මපදයෙන් "සුඛ වග්ගයට" අයත් මෙම ගාථාවේ සිංහල තේරුම ලියන්න. (ලකුණු 02)

 

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං

විශ්වාසා පරමා ඥාති - නිබ්බානං පරමං සුඛං

 

                         VI.      මෙරට පැරණිම සිංහල බෞද්ධ සාහිත්‍ය කෘතිය .....................................වේ (ලකුණු 01)


No comments:

Post a Comment

Sustainable Travel : Tips for Eco-friendly Travels

 Sustainable Travel: Tips for Eco-Friendly Travels Introduction: As our awareness of the environmental influence of our actions has increase...