බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය
පටිච්චසමුප්පාදය ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු
1. පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම යනු කුමක් ද?
හේතු ප්‍රත්‍ය ඇතිකළ ඇතිවන්නා වූ ධර්මය හේතු ප්‍රත්‍යයෙන් ඇති කළ නැති වෙයි මෙම දහම පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම ලෙස හැඳින්වෙයි.
2. ධර්මාවබෝධය හා පටිච්චසමුප්පාද අවබෝධය දෙකක් නොව එකක් බව පැහැදිලි කෙරෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කුමක් ද?
යමෙක් පටිච්චසමුප්පාදය නුවණැසින් දකී ද හෙතෙම ධර්මය නුවණැසින් දකී. යමෙක් ධර්මය නුවණැසින් දකී ද හෙතෙම පටිච්චසමුප්පාදය නුවණින් දකී.
3. බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල දහම
හෙවත් පටිච්චසමුප්පාද
ධර්මය දේශය, කාලය, ජාතිය අනුව වෙනස් නොවන න්‍යායක් පදනම්
කොටගෙන පවතී. එය සරල බසින් පෙන්වා දෙනු ලබන කෙටි සූත්‍රය කුමක්
ද?
ඉමස්මිං
සති ඉදං හෝති
ඉමස්ස
උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං
අසති ඉදං න හෝති
ඉමස්ස
නිරෝධා ඉදං නිරුජ්ඣති
මෙය
ඇති කල්හි මෙය ඇති
වේ.
මෙය
හට ගැනීමෙන් මෙය හට ගනී.
මෙය
නැති කල්හි මේ ඇති නොවේ.
මෙය
නැති වීමෙන් මෙය නැති වෙයි.
4. පටිච්චසමුප්පාද දේශනාව දෙයාකාරයකි. නම් කරන්න. එම දෙයාකාරය උදාහරණ සහිතව දක්වන්න.
අනුලෝම පටිච්ච සමුප්පාදය - මෙය ඇති කළ මෙය ඇත. මෙය උපන් කළ මේ උපදී. එනම් හේතුව ඇති කළ ඵලය ඇත යන සත්‍යය එමගින් හෙළිදරව් වේ. මෙමගින් හේතු ප්‍රත්‍ය ධර්මයන් ඇති විට සසර දුක් ඇති වන ආකරය පැහැදිලි කරයි.
පටිලෝම පටිච්ච සමුප්පාදය - මෙය නැති කළ මෙය නැත. මේ හේතුව නැති වීමෙන් මේ ඵලය නැති වේ. එනම් හේතුව නැති කළ ඵලය නැත යන සත්‍ය මෙමගින් පැහැදිලි වේ. මෙමගින් හේතු ප්‍රත්‍ය ධර්මයන් නැති විට සසර දුක් නැති වන ආකරය පැහැදිලි කරයි.
5. අනුලෝම පටිච්චසමුප්පාදයෙන් සසර දුක් ඇති වන
ආකාරය පැහැදිලි කරන්න.
- අවිජ්ජා පච්චයා සංඛාරා - චතුරාර්යසත්‍යය නොදැනීම හේතුවෙන් කුසල හා අකුසල කර්ම රැස් කරයි.
- සංඛාර පච්චයා විඤ්ඤාණං - කුසල හා අකුසල කර්ම රැස් කිරීම හේතුවෙන් ප්‍රතිසන්ධි සිත පහළ වේ.
- විඤ්ඤාණ පච්චයා නාමරූපං - ප්‍රතිසන්ධි සිත හේතුවෙන් රූප වේදනාදී පංචස්කන්ධය ඇති වෙයි.
- නාමරූප පච්චයා සළායතනං - නාම රූප හේතුවෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන පහළ වේ.
- සළායතන පච්චයා ඵස්සෝ - ආයතන හය හේතුවෙන් ස්පර්ශය ඇතිවේ.
- ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන සැප, දුක, උපේක්ෂා යන වේදනා පහළ වෙයි.
- වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව ඇතිවේ.
- තණ්හා පච්චයා උපාදානං - තණ්හාව නිසා දැඩි ව බැඳී යයි.
- උපාදාන පච්චයා භවො - සිතින් දැඩිව අල්ලා ගැනීම නිසා නැවත භවයට එකතු වේ. එනම් විපාක විඳීම පිණිස කර්ම සකස් වෙයි.
- භව පච්චයා ජාති - විපාක විඳීමට කර්ම සකස් වීම නිසා නැවත නැවත
ඉපදීම සිදුවේ.
- ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස
සම්භවන්ති - ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදී සියලු දුක් හට ගනී.
- අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ - අවිද්‍යාව ඉතිරි නැතුව සම්පූර්ණයෙන් ක්ෂය කිරීමෙන් කුසල හා අකුසල කර්ම රැස් නොවේ.
- සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ - කුසල හා අකුසල කර්ම රැස් නොකිරීමෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇති නොවේ.
- විඤ්ඤාණ නිරෝධා නාම-රූප නිරෝධෝ - ප්‍රතිසන්ධිය ඇති නොවීමෙන් නාම රූප පහළ නොවේ.
- නාම රූප නිරෝධා හා සළායතන නිරෝධෝ - නාම රූප ඇති නොවීමෙන් ආයතන හය පහළ නොවේ.
- සළායතන නිරෝධා හා ඵස්ස නිරෝධෝ - ආයතන හය පහළ නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ.
- ඵස්ස නිරෝධා හා වේදනා නිරෝධෝ - ස්පර්ශය
පහළ නොවීමෙන් සැප, දුක හා උපේක්ෂා යන වේදනා පහළ නොවේ.
- වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ - වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වේ.
- තණ්හා නිරෝධා හා උපාදාන නිරෝධෝ - තණ්හාව නැති වීමෙන් සිතින් දැඩිව අල්ලා ගැනීමක් සිදු නොවේ.
- උපාදාන නිරෝධා භව නිරෝධෝ - සිතින් දැඩිව අල්ලා නොගැනීම නිසා නැවත නැවත භවයට එකතු නොවේ.
- භව නිරෝධා හා ජාති නිරෝධෝ - නැවත සසර දුකට එකතු නොවීම නිසා ඉපදීම සිදු නොවේ.
- ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස
නිරුජ්‍ඣන්ති - ඉපදීම
ඇති නොවීමෙන් ජරා, මරණ, පරිදේව, දුක් දොම්නස් ආදී සියලු දුක් නැති
වෙයි.
7.බුදුරජාණන් වහන්සේ විසින් ලොව සමාජ ගැටලු ඇතිවන
හා නැතිවන ආකාරය හේතුඵල දහමට අනුව පෙන්වා දී ඇති ආකාරය පැහැදිලි කරන්න.
සමාජයේ පවතින දුරාචාරය, අසමගිය දිළිඳුකම යන බොහෝ සමාජ ගැටලු ඇති වීමට හා නැති වීමට හේතු ඵල දහම හේතුවෙයි. චක්කවත්තී සිංහනාද සූත්‍රයේ දී දිළින්දන්ට ධනෝපායන මාර්ග නොමැති වීම නිසා බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවන ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදයට අනුව පෙන්වා දී ඇත. දුප්පතුන්ට ධනය උපයන මාර්ගයක් නොමැති විට දිළිඳුකම වැඩි වෙයි. එවිට සොරකම වැඩිවේ. සොරකම නිසා අවි ආයුධ බහුල වෙයි. අවි ආයුධ බහුල වීම නිසා ප්‍රාණඝාතය ඇති වෙයි. ප්‍රාණඝාතය නිසා බොරු කීම, කේළාම් කීම ඇති වේ. බොරුව හා කේළම් නිසා අනිසි කාමයෙහි වරද්වා හැසිරේ. අනිසි කාමයෙහි වරදවා හැසිරීම නිසා රළු හා හිස් වචන ආදිය ඇතිවේ. රළු හා හිස් වචන නිසා මිත්‍යා දෘෂ්ටිය ඇති වේ. මිථ්‍යා දෘෂ්ටිය නිසා අධර්මයේ ඇල්ම, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය ඇතිවේ. මෙම කරුණු නිසා මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට නොසලකන, පැවිද්දන්ට නොසලකන, කුලදෙටුවන් නො පුදන අදැහැමි සමාජයක් ඇති වේ.
මහා නිධාන සූත්‍රයේ දී තණ්හාව මුල් කොටගෙන කලකෝලාහල ඇතිවන අයුරු
පෙන්වා බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා රූපාදී අරමුණු සොයයි. සෙවීම නිසා ලැබෙයි. ලැබීම නිසා හොද නරක විනිශ්චය කරයි. විනිශ්චය නිසා ඡන්දරාගය ඇතිවේ. ඡන්දරාගය නිසා මමත්වය ඇතිවේ. මමත්වය නිසා මසුරුකම ඇතිවේ. මසුරුකම නිසා දැඩි ආරක්ෂා කිරීමට පෙළඹෙයි. ආරක්ෂා කිරීම නිසා දඬු මුගුරු ගැනීම, කලකෝලාහල, වාද විවාද,
කේලම්, බොරුකීම ආදී නොයෙක් ලාමක අකුසල
ධර්මයන් ඇති
වේ.
8. පටිච්ච සමුප්පාදය අනුව සමාජ ගැටලු නිරාකරණය වන ආකාරය පැහැදිලි කරන්න.
චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව දුප්පත්කම යන
සමාජ ගැටලුව නැති වන ආකාරය පටිලෝම පටිච්චසමුප්පාද න්‍යායට අනුව මෙසේ දැක්වේ. දුප්පත් අයට ධනය ලැබීමෙන් දිළිඳුකම නැති වෙයි.
දිළිඳුකම නැති විට සොරකම නැති වෙයි. සොරකම නැති විට ආයු අවි ආයුධ අවශ්‍ය නොවේ. අවි
ආයුධ නැති නිසා ප්‍රාණඝාතය ඇති නොවේ. ප්‍රාණඝාතය නැතිවිට බොරුව කේලම නැති වෙයි. බොරු කීම, කේළාම් කීම නැතිවිට අනිසි කාම සේවනය ඇති නොවේ. අනිසි කාමසේවනය නැති විට රළු වචන, හිස් වචන නැති වෙයි. රළු හා හිස් වචන නැති විට මිථ්‍යා දෘෂ්ටිය නැති වෙයි. මිථ්‍යාදෘෂ්ටිය නැතිවී අධර්මයේ ඇල්ම විෂම ලෝභය හා මිථ්‍යා ධර්මය
නැති වෙයි. අධර්මයෙහි ඇල්ම,
විෂම ලෝභය, මිථ්‍යා ධර්මය නැතිවිට මවුපියන්ට සලකන, පැවිද්දන්ට සලකන, කුලදෙටුවන් පුදන දැහැමි සමාජයක් ඇති වෙයි.
9. අග්ගිවච්ච ගොත්ත සූත්‍රයේ දී කෙටි සාකච්ඡාවක් තුළින් දර ගිනි යන භෞතික වස්තූන් අතර ඇති හේතුඵල සම්බන්ධය බුදුරජාණන් වහන්සේ කෙසේ පැහැදිලි කර තිබේ ද?
- ඔබ ඉදිරියේ ගින්නත් දැල්වෙන කල්හි දැල් වේ යැයි පෙනේ ද ?
- එසේය, දැල් වී පෙනේ.
- කුමක් හේතු ප්‍රත්‍ය කොට ගෙන ද ඒ ගින්න දැල්වෙන්නේ ?
- ලි ගොම, පරඬැල් ආදී ප්‍රත්‍ය කොට ගෙන ගින්න දැල්වේ.
- ඔබ ඉදිරියේ ගින්න නිවී ගිය කල්හි ඒ ගින්න
නිවුනේ යැයි පෙනේ ද ?
- එසේය ගින්න නිවුණු කල්හි ඒ ගින්න නිවුණු බව
පෙනේ.
- කුමන හේතු ප්‍රත්‍යයන් නැති වූ කල ගින්න නිවී යන්නේ ද?
- දර පරඬලා ආදී හේතු ප්‍රත්‍ය නැති කල්හි ය.
මෙය ඇති කල්හි මෙය ඇත යනු දර ඇති කළ ගිනි ඇත. මෙය නැති කළ මේ නැත යන නියමය අනුව දර නැති කළ ගිනි නැත.
No comments:
Post a Comment