බුද්ධ ධර්මය - 9 ශ්‍රේණිය
I වන වාරය
1.
පහත දී ඇති ප්‍රකාශ නිවැරදි නම් (ü) ලකුණ ද, වැරදි නම් (û) ලකුණ ද යොදන්න. (ලකුණු 2 බැගින් මුළු ලකුණු 20)
- අකම්පිත බව යනු අටලෝ දහමට කම්පා නොවීමයි. මෙය තාදී ගුණය ලෙස ද හැඳින්වේ. ( )
- භාග්‍යවතුන් වහන්සේ කුල භේද ගැන නොසළකයි. ( )
- මුදිතාව යනු අන් අයගේ දියුණුව දැක සතුටු වීමයි.( )
- වෙසක් පුන් පොහෝ දිනට මාස 4කට ප්‍රථම බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර ඇත හළ සේක.( )
- ඥාය යනු නිවන් මගට නමකි.( )
- ආර්ය මහා සංඝ රත්නය රාග,ද්වේශ,මෝහ දුරු කර ගැනීම පිණිස සීල, සමාධි, ප‍්‍රඥා සංඛ්‍යාත ති‍්‍රවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙළකට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.( )
- බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකාගෙන, මහත්ඵල මහානිශංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු හෙයින් පාහුණෙය්‍ය වන සේක.( )
- සංඝ රත්නය ලොවට දායාද වන්නේ නිකිණි පොහෝ දිනකදී ය.( )
- අන් අයගේ දුක් පීඩා දැක ඇති වන කම්පනය කරුණාව වේ.( )
- බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ශ‍්‍රී සද්ධර්මය ලෝකයෙහි පතුරුවා හරින හෙයින් ඤායපටිපන්න වන සේක. ( )
2. පහත දැක්වෙන ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු පිළිතුර තෝරා
යටින් ඉරක් අඳින්න. (ලකුණු 2 බැගින් මුළු ලකුණු 20)
I.
භාග්‍යවතුන් වහන්සේගේ
යථාවාදී තථාකාරී බව හා යථාකාරී තථාවාදී ගුණය යනු පිළිවෙලින්;
1) කරන දේ කියන ගුණය
2) කියන දේ කරන ගුණය
3) කරන දේ කියන ගුණය හා කියන දේ කරන ගුණය
4) කියන දේ කරන ගුණය හා කරන
දේ කියන ගුණය
II.
අටලෝ දහම යනු ;
1) දුක-සැප,නින්දා-ප්‍රශංසා,ලාභ-ප්‍රයෝජන,යස-අයස
2) දුක-සැප,කිර්ති-ප්‍රශංසා, ලාභ-ප්‍රයෝජන,යස-අයස
3) දුක-සැප,නින්දා-ප්‍රශංසා,ලාභ-අලාභ,යස-අයස
4) දුක-සැප,කිර්ති-ප්‍රශංසා, ලාභ-ප්‍රයෝජන,යස-පිරිවර
III.
සතර අගති වන්නේ
;
1) ජන්දය, ද්වේශය,බිය,මෝහය
2) ජන්දය, ද්වේශය,මාන්නය,මෝහය
3) ජන්දය, ද්වේශය,ඊර්ශ්‍යාව,මෝහය
4) ජන්දය, ද්වේශය,රාගය,මෝහය
IV.
සාමීචි කාර්ම යනු
;
1) තමාට හිතවත් මෙන්ම අහිතවත්ව කටයුතු කළ අය පිළිබඳව ක්‍රියා
කිරීමේදී මධ්‍යස්ථ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කිරීම.
2) සංඝයා වහන්සේලාට ආසන පැනවීම, පා දෝවනය කිරීම,කුටි
පිරිසිදු කිරීම,පවන් සැලීම,පැන් පහසුව සලසා දීම.
3) සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිපැදීමයි.
4) බොහෝ අර්බුද හා අභියෝග හමුවේ තැනට සුදුසු නුවණ යොදා
නිවැරදි ලෙස තීරණ ගැනීම.
V.
සඟ ගුණයක් වන
සාමීචිපටිපන්න ගුණය යනු ;
1) මහ සඟ රුවන මනා පිළිවෙත් ඇති සේක.
2) මහ සඟ රුවන අධි ශීල,අධි චිත්ත,අධි ප්‍රඥා යුක්තව ඍජු ප්‍රතිපත්තියෙහි
යෙදෙන සේක.
3) මහ සඟ රුවන ආර්ය මගෙහි ගමන් කරන උතුම් පිරිසකි.
4) තමන් වහන්සේ ධර්මය පුරුදු කරන අතරතුරදී අන් අයටද ධර්මය
කියා දෙන බැවිනි.
VI.
භාග්‍යවතුන් වහන්සේ
සම්මා සම්බුද්ධත්වයෙන් පස්වන වසරේ බක් පුන් පොහෝ දින ලක්දිවට වැඩම කළ ස්ථානය වන්නේ
;
1) මහියංගනය
2) කැළණිය
3) ලංකාරාමය
4) නාගදීපය
VII.
මුතියංගනය පුද
බිමෙහි ඇති ආගමික වැදගත්කමක් වන්නේ ;
1) බුදු රජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ විසීම.
2) බුදු රජාණන් වහන්සේ යක්ෂයින් දමනය කිරීම.
3) බුදු රජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ නිධන් කොට
තිබීම.
4) බුදු රජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් ආසනය
නිධන් කිරීම.
VIII.
අටමස්ථාන වලට
අයත් නොවන්නේ ;
1) අභයගිරිය.
2) ජේතවනය.
3) වෙස්සගිරිය.
4) ලංකාරාමය.
IX.
පහත ප්‍රකාශ
සළකන්න. ;
I. සොළොස්මස්ථාන වලට ඇතුලත් ස්ථාන වලින් හයක්ම අටමස්ථාන වලට අයත් වේ.II. වැඩිම දින ගණනක් ගත කරමින බෞද්ධයින් විසින් බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට යාම වට වන්දනාව ලෙස හඳුන්වයි.
1) ඉහත I හා II යන ප්‍රකාශ දෙකම සත්‍ය වේ.
2) ඉහත I හා II යන ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.
3) ඉහත I ප්‍රකාශය සත්‍ය වන අතර II යන ප්‍රකාශය අසත්‍ය වේ.
4) ඉහත I ප්‍රකාශය අසත්‍ය වන අතර II යන ප්‍රකාශය සත්‍ය වේ.
X.
අර්ථවත් අයුරින්
සැලසුම් කොට වන්දනාමාන වල යෙදෙන විට සැලසෙන ප්‍රයෝජනයක් නොවන්නේ ;
1) පංච ශීලය ආරක්ෂා වේ.
2) අන් අයට උදව් කිරීමට අවස්ථාව සැලසේ.
3) මෙලොව මෙන්ම පරලොව ජිවිතයටද බොහෝ පින් රැස් වේ.
4) නොදුටු ආගමික සිද්ධස්ථාන දැක ගැනීමට නොලැබීම.
පිළිතුරු
I කොටස පිළිතුරු - 9 ශ්‍රේණිය
2. (ü)
3. (ü)
4. (û)
5. (ü)
6. (û)
7. (û)
8. (û)
9. (ü)
10. (û)
III. 1
IV. 2
V. 4
VI. 4
VII. 1
VIII. 3
IX. 1
No comments:
Post a Comment