කර්මය
කාය කර්මකුසල් මුල්
- ප්‍රාණඝාතය නොකර සිටීම
- සොරකමින් වැළකී ජීවත් වීම
- වැරදි කාම සේවනය නොකර ජීවත් වීම
අකුසල් මුල්
- ප්‍රාණඝාතය
- අදත්තාදානය
- කාම මිත්‍යාචාරය
වචී කර්ම
කුසල් මුල්
- සත්‍ය කතා කිරීම
- සමඟිය ඇති වන හොඳ වචන කතා කිරීම
- මිහිරි වචන කතා කිරීම
- දස කතාවෙන් යුක්ත වීම
අකුසල් මුල්
- මුසාවාද
- පිසුනාවාච
- පරුසාවාච
- සම්පප්පලාප
අකුසල් මුල්
මනෝ කර්ම
කුසල් මුල්
- දන් දීම
- තරහා නොගෙන සිටීම
- සම්මා දිට්ඨියෙන් යුක්ත වීම
අකුසල් මුල්
- අභිධ්‍යාව (දැඩි ලෝභය, මසුරු බව)
- ව්‍යාපාදය ( තරහව)
- මිත්‍යා දෘෂ්ටිය
- ගති සම්පත්තිය - ලැබුණු උපත අකුසල් විපාක දීමට නොගැළපෙන පරිසරයකි.
- උපධි සම්පත්ති - උසස් රූපයක් තිබීම
- කාල සම්පත්තිය - යහපත් සෞභාග්‍ය කාළයක් තුළ ඉපදීම
- ප්‍රයෝග සම්පත්තිය - ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම
කර්මයේ ප්‍රභේද
- දිට්ඨධම්මවේදනීය කර්ම - මෙලොවදීම විපාක දෙන කර්ම
- උපපජ්ජවේදනීය කර්ම - මරණින් මතු ආත්ම භවයේ දී විපාක දෙන කර්ම
- අපරාපරිවේදනීය කර්ම - දෙවන ආත්මයේ සිට සසර දුකින් නිදහස් වන තාක් කල්ම විපාක දෙන කර්ම
- අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වන කර්ම
කාර්යයන් අනුව
- ජනක කර්ම - මීළඟ උපත ලබා දීමට ඉවහල් වන කර්මය
- උපස්තම්භක කර්ම - උපන් ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට මෙම කර්මය උපකාර වේ
- උපපීඩක කර්මය - ජනක කර්මයේ බලය හීන කරන කර්මයකි.
- උපඝාතක කර්ම - ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැති කරයි
විපාක දෙන ආකාරය අනුව කර්මය සතර ආකාරයි
- ගරුක කර්ම - වෙනත් කර්මයකින් වැළක්විය නොහැකි කර්ම
- ආසන්න කර්ම - මරණ මොහොතේ දී කරන ලද හෝ සිතට නැඟුණු කර්ම
- ආචින්න කර්ම - ජීවිතයේ පුරුද්දක් ලෙස කරන ලද කර්ම
- කටත්තා කර්ම - දැඩි චේතනාවක් නොමැතිව කරනු ලබන කර්ම
No comments:
Post a Comment