කර්මය
බහුවරණ ප්‍රශ්න
1. මරණින්
මතු පළමු ආත්ම භවයේ දී ම හෙවත් ඊළඟ ආත්ම භවයේදී විපාක දෙන කර්ම මේ නමින් හැඳින්වේ.
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
2. ජනක
කර්මයට බාධා පමුණුවන, එහි
බලය හීන කරවන කර්මය
I.
කටත්තා කර්මය
II.
උපස්තම්භක
කර්මය
III.
උපපීඩක
කර්මය
IV.
උපඝාතක කර්මය
3. තිදොරින්
සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණ වන්නේ,
I.
ප්‍රාණඝාතය
යි.
II.
අදත්තාදානය
වේ.
III.
කාමමිථ්‍යාචාරය
වේ.
IV.
අභිධ්‍යාව වේ.
4. ප්‍රතිසන්ධිය
ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ,
I.
ජනක කර්මයයි.
II.
උපස්ථම්භක කර්මයයි.
III.
උප පීඩක
කර්මයයි.
IV.
උපඝාතක කර්මයයි.
5. දිට්ඨධම්ම
වේදනීය කර්ම නමින් හැඳින්වෙන්නේ,
I.
මෙලොවදීම
විපාක දෙන කර්මයි.
II.
දෙවන භවයේදී
විපාක දෙන කර්මයි.
III.
කවර හෝ
භවයකදී විපාක දෙන කර්මයි.
IV. විපාක නොදී අහෝසි වී යන කර්මයි.
6. විපාක
දෙන ආකාරය අනුව යමෙකු ජීවිත පුරුද්දක් ලෙස නිතර නිතර සිදු කරන කර්ම හා කලින් කරන
ලදුව නිතර සිහි කරන කුසලාකුසල චේතනා,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
7. කර්මය
පිළිබඳ බෞද්ධ විග්‍රහයට අනුව තුන්වෙනි භවයේ සිට
ඉඩ ලැබෙන අවස්ථාවලදී විපාක දෙන කර්ම හැඳින්වෙන්නේ,
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
8. විපාක
දීමට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව සිව් ආකාර වන කර්ම අතරින් බලවත් චේතනා
ශක්තියකින් තොරව සිදුකරන කර්මය හැඳින්වෙන්නේ,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
9. විපාක
දෙන කාලය අනුව සතර ආකාර වන කර්මය කර්ම අතුරෙන් විපාක දීමට අවස්ථාවක් නොලබන කර්මය
ධර්මයෙහි විස්තර වන්නේ,
I.
ජනක කර්ම
වශයෙනි.
II.
දිට්ඨධම්මවේදනීය
කර්මය වශයෙනි.
III.
උපපජ්ජවේදනීය
කර්මය වශයෙනි.
IV.
අහෝසි කර්ම
වශයෙනි.
10.
විපාක දීමට
ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව යම් පුද්ගලයකු විසින් සිදු කරනු ලබන වඩාත්ම බරපතළ
යහපත් හෝ අයහපත් කර්ම,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
11.
"කම්මනා
වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ" මෙමඟින් පැහැදිලි වන්නේ,
I.
පූර්ව
කර්මානුකූලව වසලයකු වන බවයි. පූර්ව කර්මානුකූලව බ්‍රාහ්මණයකු වන බවයි.
II.
ක්‍රියාවෙන්
වසලයකු වන බවයි. ක්‍රියාවෙන් බ්‍රාහ්මණයකු වන බවයි
III.
වසල යනු
රැකියාවක් වන බවයි. බ්‍රාහ්මණ යනු රැකියාවක් වන බවයි.
IV.
වසල යනු කුල
පරපුරක් වන බවයි බ්‍රාහ්මණ යනු කුල පරපුර
වන බවයි.
12.
"චේතනාහං
භික්කවේ කම්මං වදාමි" යන
පාඨයට අනුව කිසියම් ක්‍රියාවක් කර්මයක් වීමට නම් ඊට,
I.
චේතනාව
පැවතීම අත්‍යවශ්‍ය වේ.
II.
ඉන්ද්‍රිය
පැවතීම අත්‍යවශ්‍ය වේ.
III.
අරමුණ පැවතීම
අත්‍යවශ්‍ය වේ.
IV.
දෘෂ්ටිය
පැවතීම අත්‍යවශ්‍ය වේ.
13.
කර්මය පිළිබඳ
බෞද්ධ විග්‍රහයට අනුව සංසාරික ජීවිතයේ කවර අවස්ථාවක දී හෝ විපාක ලබාදෙන කර්ම
හැඳින්වෙන්නේ,
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
14.
ගුරුතුමා
එදින බුද්ධ ධර්මය පාඩමට පිවිසුණේ පුවත්පතක පළ වී තිබූ පුවතක් පෙන්වමිනි. එහි පලවී තිබුනේ දේපල බෙදා දීම පිළිබඳ උරණ වූ
පුතෙකු විසින් තම පියා ඝාතනය කරනු ලැබ ඇති බවයි. ඊළඟ භවයේදී
අනිවාර්යෙන් විපාක දෙන මෙම කර්මය බුදුදහමෙහි හැඳින්වෙන්නේ,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
15.
කර්මය හා
කර්ම විපාකය පිළිබඳ වත් සත්වයින්ගේ විවිධත්වයට හේතුවත් පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍ර දේශනාව වන්නේ,
I.
චුල්ල කම්ම
විභංග සූත්‍රය යි.
II.
අනත්ත ලක්ඛණ සූත්‍රය
යි.
III.
සිඟාලෝවාද
සූත්‍රය යි.
IV.
විමංසක සූත්‍රය
යි.
16.
ඊළඟ උත්පත්තියේ දී හෙවත් දෙවන භවයේදී ස්ථිරවම විපාක
දෙන කර්මය,
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
17.
විපාක දීමට
ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව කර්මය බෙදා දැක්වීමේදී ජීවිතයේ නිතර නිතර පුරුදු
පුහුණු කරනු ලැබූ කර්ම හඳුන්වන්නේ,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
18.
තිදොරින්
සිදුවන අකුසල ක්‍රියා ගණයට අයත් නොවන්නේ,
I.
අභිධ්‍යා
යන්නයි.
II.
ව්‍යාපාදය
යන්නයි.
III.
මිත්‍යාදෘෂ්ටිය
යන්නයි.
IV.
සක්කායදිට්ඨිය
යන්නයි.
19.
විපාක දෙන
කාලය අනුව කර්මය පිළිබඳ ප්‍රභේද දැක්වීමේදී ඊළඟ භවයේ දී නොවරදවාම විපාක දෙන කර්ම
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
20.
පුද්ගලයකුගේ
ජීවිතයේදී නිතර නිතර කරනු ලැබූ කර්ම,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
කටත්තා කර්ම
වේ.
IV.
ආචින්න කර්ම
වේ.
21.
ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම
විපාක දෙන කර්මය,
I.
ගරුක කර්ම වේ.
II.
ආසන්න කර්ම
වේ.
III.
ආචින්න කර්ම
වේ.
IV.
කටත්තා කර්ම
වේ.
22.
සංසාරික
ජීවිතයේ දී කවර හෝ අවස්ථාවකදී විපාක ලැබෙන කර්මය,
I.
දිට්ඨධම්මවේදනීය
කර්ම
II.
උපපජ්ජවේදනීය
කර්ම
III.
අපරාපරියවේදනීය
කර්ම
IV.
අහෝසි කර්ම
23.
"චේතනාහං
භික්කවේ කම්මං වදාමි" මෙම
විවරණය අනුව කිසියම් ක්‍රියාවක් කර්මයක් වීම සඳහා,
I.
චේතනාව අත්‍යවශ්‍ය
වේ.
II.
දෘෂ්ටි අත්‍යවශ්‍ය
වේ.
III.
කුසලය අත්‍යවශ්‍ය වේ.
IV.
අකුසලය අත්‍යවශ්‍ය
වේ.
24.
ගවයා පසුපස
යන රිය සක මෙන් පුද්ගලයාට දුක ගෙන දෙමින් ඔහු පසුපස දුක ගමන් කරන්නේ ඔහු සිදු කළ,
I.
කුසල කර්ම
විපාක නිසා ය.
II.
අකුසල කර්ම
විපාක නිසා ය.
III.
අචේතනික කර්ම
විපාක නිසා ය.
IV.
අහේතුක කර්ම
විපාක නිසා ය.
25.
පුද්ගලයාට
කිසියම් භවයක උපත ලබා දීමට ඉදිරිපත් වන කුසලාකුසල කර්ම,
I.
උපඝාතක කර්ම
වේ.
II.
උපපීඩක කර්ම
වේ.
III.
උපස්ථම්භක
කර්ම වේ.
IV.
ජනක කර්ම වේ.
No comments:
Post a Comment