සාමාන්‍ය දැනීම
- "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) ලෙස මෑතක දී 21 වන සියවසේ නගරය ලෙස හැඳින්වෙන නගරය ඉදිවන රට වන්නේ - මාලදිවයින හුල්මාලේ කෘත්‍රිම දූපත්
- වර්ෂ 2009 ඔක්තෝබර් මාසයේදී සිය කැබිනට් රැස්වීම මුහුද යට පැවැත්වූයේ - මාලදිවයින ජානාධිපති මොහොමඩ් නෂීඩ්
- වර්ෂ 2033 අඟහරු ග්‍රහයා මත පා තබන ලොව ළාබාලතම ගගන ගාමියා - ඇලීසා කාසන් (Alyssa Carson) (2021 වර්ෂයේ දී ඇය සිය 19 වන උපන්දිනය සමරනු ලැබුවා.)
- තණකොළ නොවැවෙන නිසා ලෝක පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ලැබීමට වරම් නොලබන රට - ග්‍රීන්ලන්තය
- මෑතක දී අපරාධකරුවන්ගේ හිඟය නිසා බන්ධනාගාර 19ක් වසා දැමීමට තීරණය කළ රට - නෙදර්ලන්තය
- පිළිකාව ඇතුළු ලොව බොහෝ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන සත්වයා වන්නේ - මෝරා
- කාන්තාරය සහ සාගරය එකිනෙක මුණ ගැසෙන රට - නැම්බියාව
- ලංකාවේ ළඟදීම ජාලගත වන මුල්ම කසළ විදුලි බලාගාරය - මුතුරාජවෙල ( කසළ ටොන් 500-700 ක ප්‍රමාණයක් යොදා ගෙන මෙගා වොට් 11.5ක් උත්පාදනය කිරීමට නියමිතය. ඩොලර් මිලියන 100ක ආයෝජනයකි. මෙගා වොට් 9.7ක් මින් ජාතික විදුලි බල පද්ධතියට එක වේ.)
- ලොව ලස්සනම අත් අකුරු හිමිකාරිය - ප්‍රකෘති මලාලා (නේපාල ජාතික සිසුවියකි)
- Zoom හි නිර්මාතෘ කවුරුන් ද - චීන ජාතික එරික් යුආන් මහතා (Eric Yuan)
- වසර 44කට පසු සඳෙන් පස් රැගෙන පැමිණි යානය - Chang'e - 5 යානය (මෙය චීනයට අයත් වේ. මෙය 2020 දෙසැම්බර් මස 16 වන දින මොන්ගෝලියාවේ Siziwang ප්‍රදේශයට ගොඩ බෑමට නියමිතව තිබිණ. "සඳ දෙවගන" යන අන්වර්ථ නාමයෙන් මෙම යානය හැඳින්විණ.)
- මිනිස් සිරුරේ ඇති දිගම මාංශ පේශිය - Sartorius
- ලෝකයේ ප්‍රීතිමත්ම සත්වයා - Quokka (ක්වොක්කා)
- අන්තර්ජාතික මානව හිමිකම් දිනය - දෙසැම්බර් 10 (2020 වර්ෂයේ තේමාව - "Recover Better, Stand up for Human Rights" . 1948 දෙසැම්බර් මස 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලදී. )
- ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සුළං විදුලි බලාගාරය - මන්නාරම නදුකුඩා නොහොත් තම්බ්පවනී සුළං විදුලි බලාගාරය (ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 103.5ක ධාරිතාවයක් එක කරයි. මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13ක් දුරට හෙක්ටයාර් 150ක භූමියක ස්ථාපිත කර ඇත. වසරකට විදුලි ඒකක 400ක් නිපදවීමට අපේක්ෂිතය.)
- ලංකා ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර වූ DC8 යානය සප්ත කන්‍යා පර්වතයේ ගැටි 2020.12.04 දිනට වර්ෂ - වර්ෂ 44ක් සපිරේ.
- 2020 බුකර් සාහිත්‍ය සම්මානය හිමි වූ "ෂුගී බේන්" (Shuggie Bain) නවකතාවේ කතුවරයා වන්නේ - ස්කොට්ලන්ත ජාතික ඩග්ලස් ස්ටුවර්ට් (මධ්‍යසාරවලට ඇබ්බැහි වූ මව හා ඇයට ජිවත් වීමට උපකාර කරන පිරිමි දරුවකු වටා ගෙතුණ කතාවකි. එය කතුවරයාගේ ජිවන කතාව වන අතර එය ඔහුගේ ප්‍රථම නවකතාවයි.)
- ලන්ඩන් අගනුවර වීමට ප්‍රථම එංගලන්තයේ අගනුවර කුමක් ද? - වින්චෙස්ටර්
- තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් 2020 නොවැම්බර් 06 වන දින 6G තාක්ෂණය අත්හදා බැලීම සඳහා චන්ද්‍රිකා 13ක් පමණ කක්ෂගත කළ රොකට් යානය වන්නේ - Long March - 6 (එම චන්ද්‍රිකා University of Electronic Science and Technology ලෙස නම් කර තිබිණි. මෙය Tianyan 05 Satellite ලෙස ද නම් කර තිබෙන මෙම චන්ද්‍රිකාව කිලෝ ග්‍රෑම් 70ක බරින් යුක්තයි.)
- සතුන්ට කරුණාව දක්වා ප්‍රථම වරට දකුණු ආසියාවෙන් සම්මාන ලද පශු වෛද්‍යවරිය - ආචාර්ය තරංගා තෝරදෙණිය (ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය හා Ceva මගින් මෙම සම්මානය පිරිනමන ලදී.)
- ශ්‍රී ලංකා යුධ හමුදාවට එක වූ නවතම රෙජිමේන්තුව - ඩ්‍රෝන රෙජිමේන්තුව (2020.11.12 දින ආරම්භ කෙරිණි.)
- ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කළ ඉතිහාසයේ ප්‍රථම මිනිසා - Felix Baumgartner (2012 වර්ෂයේ දී කිලෝ මීටර් 39 ඉහළ බලුනයකින් පැන ඔහු මෙම වාර්තාව තබන ලදී. උපරිම වේගය පැයට කිලෝ මීටර් 1342කි.)
- ජාත්‍යන්තර එක් දින සහ ටෙස්ට් තරඟ වැඩිම ගණනක් විනිශ්චය කළ විනිසුරුවරයා - පකිස්තානු ජාතික අලීම් ඩාර්
- ලංකාවේ එකම දෙමහල් අම්බලම - මාතර රත්මලේ මංසන්ධිය පිහිටා ඇති අම්බලම
- ජාත්‍යන්තර සම්මාන 50 කඩයිම පසු කළ වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිර්මාණය වූ ලංකාවේ ප්‍රථම සමාජ සත්කාරක චිත්‍රපටය - විෂම භාග (නියෝජනය කළ ජාත්‍යන්තර උළෙල 17කි. අධ්‍යක්ෂණය ලලිත් රත්නායක මහතා වේ.)
- මිනිස් සිරුරේ,
- අස්ථි ගණන - 206
- මාංශ පේශීන් ගණන - 639
- බෙල්ලේ කශේරුකා ගණන - 7
- විශාලතම ග්‍රන්ථිය - අක්මාව
- කුඩාම අස්ථිය - මැද කණේ ධරනකය
- විශාලතම අන්තරාසර්ග ග්‍රන්ථිය - තයිරොයිඩ්
- රුධිරයේ pH අගය - 7.4
- මෑතක දී නෙදර්ලන්ත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මොලයේ මධ්‍යයේ සැගව තිබූ තවත් අවයවයක් සොයා ගැනීමට සමත් විය. ඒ කුමක් ද ? ප්‍රධාන ඛේට ග්‍රන්ථි තුනට අමතරව තවත් ඛේට ග්‍රන්ථි 03කි.
- ලෝකයේ ප්‍රධානවම එළවලු හා පලතුරු අපනයනය කරන රට -ඊශ්‍රායාලය (සීමිත ජලාශ ජෝර්දාන නදියෙන් පෝෂණය වේ.)
- නවසීලන්ත පාර්ලිමේන්තුවට පත් ප්‍රථම ලාංකිකයා - වනුෂි වෝල්ටර්ස් රාජනායගම් (නියෝජනය කළ පක්ෂය නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්රියන් නියෝජනය කළ කම්කරු පක්ෂය වේ. වයඹ දිග ඔක්ලන්ත ඉහළ වරාය බල ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.)
- අප්‍රිකාවේ සිංගප්පුරුව ලෙස හැඳින්වෙන රට - රුවන්ඩාව (එරට ජනාධිපති Paul Kagame මෙයට දායක විය.තේ සහ කෝපි විශාලතම අපනයන වේ.)
- රුවන්ඩාවේ ප්‍රධාන ගෝත්‍ර 03 - හුටු,ටූට්සි,ත්වා (වැඩිම හුටු ජනගහනය වේ.)
- ලොව වැඩිම කාන්තා නියෝජනය ඇති පාර්ලිමේන්තුව සහිත රට - රුවන්ඩාව
- අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව - රුවන්ඩාවේ කිගාලි නගරයේ පිහිටා ඇත. (ප්ලාස්ටික් බෑග් තහනම් කළ නගරයක් වන අතර සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම් සඳහා ප්‍රජා දිනයක් ඇති රට වේ.)
No comments:
Post a Comment