Friday, February 26, 2021

අ.පො.ස. සාමාන්‍ය පෙළ ධර්ම සංගායනා ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු

 ධර්ම සංගායනා 

ධර්ම සංගායනා ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු

 

බහුවරණ ප්‍රශ්න

1.     තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන්නේ,

                               I.            දුසිල් මහණුන් සසුනින්  නෙරපීම

                             II.            නව රට සසුන් පිහිටුවීම

                          III.            අභිධර්ම පිටකයට කථාවත්ථුප්පකරණය එක්වීම

                          IV.            ධර්ම විනය පවත්වාගෙන යාමට භාණක පරපුරට පැවරීම

 

2.     පළමු ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ,

                               I.            සබ්බකාමී තෙරණුවෝ ය.

                             II.            මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ ය.

                          III.            මහා කාශ්‍යප තෙරණුවෝ ය.

                          IV.            පාර්ශ්ව තෙරණුවෝ ය.

 

3.     ඒ ඒ ධර්ම කොටස් මුඛ පරම්පරාවෙන් රැකගෙන ඉදිරියට ගෙන ඒම සඳහා භාණක පරම්පරාවලට බාර දුණි.  ඒ අනුව මජ්ඣිම නිකාය භාර දෙනු ලැබුවේ,

                               I.            සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

                             II.            මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

                          III.            ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

                          IV.            අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

 

4.     දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ,

                               I.            සබ්බකාමී මහරහතන් වහන්සේ.

                             II.            උපාලි මහරහතන් වහන්සේ.

                          III.            මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.

                          IV.            මහාදේව තෙරුන් වහන්සේ

 

5.     පළමු ධර්ම සංගායනාවේ දී ධර්ම විනය කට පාඩමින් රැකගෙන යාමට භික්ෂු පරම්පරාවන්ට පැවරුණ අතර ආනන්ද  මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට පැවරුණේ,

                               I.            දීඝ නිකාය.

                             II.            මජ්ඣිම නිකාය.

                          III.            අංගුත්තර නිකාය.

                          IV.            සංයුක්ත නිකාය.

 

6.     ප්‍රථම ධර්ම සංගීතියේ දී විනය පිටකය කටපාඩමින් රැක ගෙන ඒමට පැවරුණේ,

                               I.            උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට ය.

                             II.            ආනන්ද මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට ය.

                          III.            මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට .

                          IV.            අනුරුද්ධ මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට ය.

 

7.     සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසුව ධර්ම සංගායනාවක් පැවැත්වූයේ,

                               I.            රජගහනුවර සප්තපර්ණි ගුහාවේ දී ය.

                             II.            පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමයේ දී ය.

                          III.            විශාලා මහනුවර වාළුකාරාමයේ දී ය.

                          IV.            කාෂ්මීරයේ කුණ්ඩල වනයේ දී ය.

 

8.     දෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණක් වන්නේ,

                               I.            වජ්ජිපුත්තක භික්ෂූන් සම්මත කරගත් දස වස්තුව ප්‍රතික්ෂේප වීමයි.

                             II.            දස වස්තුව පිළිගත් දුර්මතධාරී  වජ්ජිපුත්තක භික්ෂූන් සසුනෙන් ඉවත් කිරීමයි.

                          III.            නිර්මල ධර්මය හා විනය ගරු කළ භික්ෂු පරපුර ථෙරවාද වශයෙන් සංවිධානය වීම ය.

                          IV.            ධර්ම විනය සුරක්ෂිත කිරීම සඳහා භාණක පරපුර බිහිවීමය.

 

9.     දෙවන ධර්ම සංගායනාවේ දී දස වස්තුව පිළිගත් දුර්මතධාරී වජ්ජිපුත්තක භික්ෂූන් දස දහසක් නෙරපන ලද අතර ඒ තුළින් ඉතිහාසයේ සිදුවූ වැදගත්ම සිදුවීම,                 

                               I.            සංගායනා කිහිපයක් පැවැත්වීම.

                             II.            නිකාය භේදය ඇති වීම.

                          III.            දුසිල්වත් භික්ෂූන් සිවුරු හැරවීම.

                          IV.            දුර්මතධාරීන්ට ඉඩ ‍ඇහිරීමයි.

 

10.                        තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණ වන්නේ,

                               I.            දුසිල්වත් මහණුන් සසුනින් නෙරපීම යන්නයි.

                             II.            නව රට සසුන් පිහිටුවීම යන්නයි.

                          III.            දස වස්තුව ප්‍රතික්ෂේප වීම යන්නයි.

                          IV.            කථාවත්ථුප්පකරණය සම්පාදනය වීම යන්නයි.

 

11.                        සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු ධර්ම සංගායනාවක් පැවැත්වූයේ,

                               I.            කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ.

                             II.            රජගහනුවර සප්තපර්ණී ගුහාවේදී.

                          III.            විශාලා මහනුවර වාළුකාරාමයේ දී.

                          IV.            පැළලුප් නුවර අශෝකාරාමයේ දී.

 

12.                        පළමුවැනි ධර්ම සංගායනාවේ දී ධර්ම විනය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාමට භික්ෂූන්ට පවරනු ලැබූ අවස්ථාවේ දී සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට පවරනු ලැබුවේ,

                               I.            දීඝ නිකාය.

                             II.            මජ්ජිම නිකාය.

                          III.            සංයුක්ත නිකාය.

                          IV.            අංගුත්තර නිකාය.

 

 

13.                        තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වලට ඇතුළත් නොවන්නේ,  

                               I.            නව රට සසුන් පිහිටුවීම.

                             II.            දුසිල් මහණුන් සසුනෙන් නෙරපීම.

                          III.            කථාවත්ථුප්පකරණය සම්පාදනය වීම.

                          IV.            දස වස්තු ප්‍රතික්ෂේප වීම.

 

14.                        තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ,

                               I.            මහා කාශ්‍යප හිමිය.

                             II.            සබ්බකාමි හිමිය.

                          III.            රේවත හිමිය.

                          IV.            මොග්ගලීපුත්තතිස්ස හිමිය.

 

15.                        සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයකට පසුව දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ,

                               I.            රජගහනුවර සප්තපණ්නී ගුහාවේ දීය.

                             II.            විශාලා මහනුවර වාළුකාරාමයේ දීය.

                          III.            කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දීය.

                          IV.            පැළලුප් නුවර අශෝකාරාමයේ දී ය.


No comments:

Post a Comment

Sustainable Travel : Tips for Eco-friendly Travels

 Sustainable Travel: Tips for Eco-Friendly Travels Introduction: As our awareness of the environmental influence of our actions has increase...